වසර අග ජනපතිවරණයක්. ව්‍යවස්ථා සංශෝධනයට සියල්ල සූදානම්.

0

මෙම වසර අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය කැදවනු ඇත.

ඒ සදහා අවශ්‍යවන ව්‍යවස්ථා සංශෝධනයකට රජය කඩිනමින් යනු ඇති බවද පුවත්පත වාර්තා කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරණයකින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයෙකුට ඔහුගේ දූර කාලය සම්පූර්ණ වීමට පෙර, වසර හතරක් ගෙවුණු පසු, යළි ජනමතය විමසීමට පුලුවන.

නමුත් එම බලය හිමිවන්නේ ජනාධිපතිවරණයකින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයෙකුට පමණි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ජනාධිපතිවරණයකින් තෝරා ගනු ලැබූ ජනාධිපතිවරයෙකු නොවන අතර, ඔහු දූරයෙන් ඉවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූර කාලය සම්පූර්ණ කිරීම සදහා පාර්ලිමේන්තුව තුළ සිදු කළ ඡන්ද විමසීමකින් තෝරා ගත් ජනාධිපතිවරයෙකි.

එබැවින්, ව්‍යවස්ථාවෙන්, ජනාධිපතිවරයෙකුට ලබා දී තිබෙන, දූර කාලය සම්පූර්ණ කිරීමට පෙර ජනාධිපතිවරණයක් කැදවීමේ බලය ඔහුට හිමි නොවේ.

එබැවින් ඊට අදාල ව්‍යස්ථා සංශෝධනයක් සිදුකර, නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ දී ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවන දූර කාලය සදහා කවර පක්ෂයකින් තරග වදිනු ඇද්ද යන්න ගැටළු සහගත බව පුවත්පත වැඩි දුරටත් පවසා තිබේ.

පොහොට්ටු පක්ෂය ඔවුන්ගේම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බව දැනටමත් දැනුම් දී තිබේ. ඒ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ වනු ඇති බවට ඔවුන් ඕනෑවටත් වඩා ඉගි පලකර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයක දී සජබ මන්ත්‍රී කණ්ඩායමෙන් යම් පිරිසකගේ සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද පුවත්පත වාර්තා කරයි.