වෙසක් සිරි බලා එද්දී 10 ක් අනතුරක

0

වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ප්‍රදේශයට ගොස් නැවත එමින් සිටි පිරිසක් ගමන් ගත් බෝලේරෝ වර්ගයේ කැබ් රථයක් මාර්ගය හරහා පෙරලී යාමෙන් සිදු වූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පානදුර වලාන ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇත්තේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් බවට අනාවරණ වී ඇත.

වන්දනාකරුවන් රථය කළුතර දෙසට ගමන් කරමින් සිටියදී රියැදුරුට නින්ද යාම හමුවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය මැද තිබූ විදුලි කණුවකට ද හානි කරමින් පෙරලී ගොස් තිබේ.

එහි ගමන් කර ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මෙම අනතුරෙන් කුඩා ළමුන්ට තුන් දෙනෙකු ඇතුළු දසදෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.