විමල්ගේ පොත රනිල්ටත් ඕනෙ වෙයි

0

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මෑතක දී එළිදක්වන ලද කෘතිය තමන්ද කියවීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

ඒ ජනාධිපතිවරයා මුණ ගැසීමට පැමිණ සිටි ඇමතිවරුන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සමඟයි.

පසුගිය වසරේ ජූලි 9දා සහ ඒ ආසන්න කාලයේ දී කොළඹ ඇමරිකානු තානාපතිනිය අරගලය සදහා දැක්වූ මැදිහත්වීම පිළිබඳව විමල් වීරවංශ මහතා කරන ලද ප්‍රකාශයන් ආන්දෝලනයට ලක්ව ඇතැයි එහිදී අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයන් සත්‍යයක් බව බොහෝ දෙනා සිතන බවත් මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා ඇත්තේ ඇමරිකානු තානාපතිනිය හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෘතියේ කරුණු අසත්‍ය බවට නිවේදන නිකුත් කර ඇති බවයි.

තමන් ද මෙම පොත රැගෙන කියවා බැලිය යුතු බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.