Home SPORTS අවසන් දිනයේ අවසන් සටන

අවසන් දිනයේ අවසන් සටන

0

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි.

ඊයේ දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්ත කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 54ක් ලබා සිටි අතර  නායක ඇන්ඩි බැල්බරයින් සහ හැරී ටෙක්ටර් නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම සඳහා වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව වුණි.

ශ්‍රි ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුළු 03කට ලකුණු 703ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබීය.

මෙය වාර්තා අතරට එක්වී ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් විසින් ටෙස්ට් ඉනිමක වාර්තාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.