On MaxDT ජාවාරම් කරුවෝ තවමත් පුරුදු ජාවාරමේ

0

Onmax DT නම් හොර පිරමීඩ ජාවාරම තවමත් රට තුළ ක්‍රියාත්මක වෙමින් ඇති බවත් තවමත් එය නතර කර නැති බවත් පිරමීඩ විරෝධී සංගමයේ සංවිධායක තරිඳු රත්නායක මහතා සඳහන් කරයි.

මෙම ජාවාරමට තවමත් රටේ ජනතාව අහුවෙන බවත් පවසන ඔහු මෙය තහනම් කර තිබියදීත් කරගෙන යන්නේ පාර්ලිමේන්තුවේ හයියෙන් බවටද චෝදනා කරයි.

මෙම සමාගමට ඇමෙරිකානු ගිණුම් වල කෝටි 43ට වැඩි මුදල් ප‍්‍රමාණයක් තිබිය යුතු බවත් හෙළි වී ඇත්තේ සුළු ප්‍රමාණයක් බවද ඔහු කියා සිටී.

මෙය විදෙස් සමාගමක් නොව ලංකාවේ සමාගමක් යයිද ඔහු තව දුරටත් පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.