Home Uncategorized අපිට මොටද රිලවු – චීනය

අපිට මොටද රිලවු – චීනය

0

ශ්‍රී ලංකාවෙන් රිළවුන් 100,000 ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් මේ දක්වා එරට බලධාරීන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම කාර්යාලය වැඩිදුරටත් එමගින් පෙන්වා දෙන්නේ එරට Chinese National Forestry and Grassland Administration ආයතනය වෙතින් එවැනි ඉල්ලීමක් කිසිදු පාර්ශවයකින් සිදුකර නොමැති බවය.

මේ අතර චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ චීනය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීමට සක්‍රීය ලෙස දායක වන බවය.

මේ අතර පසුගිය 11 වනදා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙසට චීන නියෝජිතයින් පිරිසක් ඉල්ලීමක් කර ඇති බවය.

ඒ අනුව රිළවුන් 100,000 ලබාදීම සඳහා සාකච්ඡාවක් සිදුකළ බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව  කමිටුවක් පත්කරන බවත්ය.