ඔටුනු නොපලන් වීරයෙක් දිවි ගමන නිම කරයි. ඔහු ලියූවායැයි සැරිසරන ලිපිය බොරු.

0

අරගලයේ ආරම්භක සාමාජිකයෙක් ලෙස සැලකෙන බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සියදිවි හානිකරගෙන තිබේ.

අරගලය ආරම්භ කිරීම වෙනුවෙන් විරෝධතා ව්‍යාපාරයට මුලපුරමින් ඔහු දැමූ Facebook post එක අරගලයේ සංවිධානාත්මක ක්‍රියාවලියේ මූලික පියවරලෙස සැලකේ.

බුද්ධි ප්‍රබෝධ මියගිය හේතුව තවම පැහැදිලි නැතත්. ඔහු විසින් ලියුවායැයි පවසමින් සමාජ මාධ්‍ය තුල සැරිසරණ ලිපිය අසත්‍ය ද්වේශ සහගත අරමුනෙන් බෙදාහරින ලද්දක් බව බුද්ධිගේ හිතවතුන් තහවුරු කරනවා. කෙසේ නමුත් බුද්ධි මිය යාමට දින කිහිපයකට පෙර මුහුණු පොතට එක් කල සටහන සහ එම සටහනට රැඩිකල් යැයි කියාගන්නා සම හරක් දක්වා තිබූ ප්‍රතිචාර අප ජීවත් වන සමාජය ගැන බොහෝ දේ කියා දී තිබුනා.

බුද්ධි ප්‍රබෝධ ලියූ සටහන පහතින්

මිනිහෙක්ට තියෙන්න ඕනේ හරියට ම කවදා ද කියලා තමන් දන්න ඩෙඩ්ලයින් එකක්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම “ඩෙඩ්ලයින්” එකක්. අවම වශයෙන් මට පෞද්ගලිකව හිතෙනවා එහෙම එකක් තියෙන්න ඕනෙ කියලා.

නොවැලැක්විය හැකි හේතුවක් නිසා “හදිසියේ” මිය යන්න සිද්ධ වෙන සම්භාවිතාව ඉවත් කරලා කතාකලෝතින්, මම කැමතියි මිනිස්සු තමන් තීරණය කරන දිනයක, වේලාවක සහ තැනකදී තමන් තෝරාගන්නා ක්‍රමයකට ජීවිතය අවසාන කරන එක සාමාන්‍ය දෙයක් වෙන සමාජයකට සහ ශිෂ්ටාචාරයකට. මට හිතෙනවා ඒ කාරණයෙන් පොදුවේ සමාජයටත් යහපත් බලපෑමක් තියෙනවා කියලා.

අපි අද ජීවත් වෙන සමාජ හර පද්ධතිය ඇතුලේ ඒක අසාමාන්‍ය දෙයක් වුණත්, මීට ශතවර්ශ විසි හයකට කලින් ඒක කරපු කෙනෙක් හිටියා. ඒක කරපු කෙනා ඒක හැඳින්වුයේ ආයුසංස්ඛාරය අත හරිනවා කියලයි. ඒ දේ සමහරවිට අපි ජීවත්වෙන ශිෂ්ටාචාරයේ වත්මන් හර පද්ධතියට ගැලපෙන එකක් නෑ, හැබැයි මට හිතෙනවා අනාගතයේ එහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා.

මම දැන් සැලකිය යුතු කාලයක ඉඳන් ජීවත් වෙන්නේ මගේ ඩෙඩ්ලයින් එකත් එක්ක. ඒ නැතත් යාන්තම් තේරෙන කාලයේ ඉඳන් ම මම හිටියේ මට දිගම දිග ජීවිත කාලයක් ඕනෙ නෑ කියන තැන ම තමයි. මට දැන් ඇති, ඒ ඇති කියන තැනට ආවට පස්සේ ජීවත් වෙන අමතර දවස් කියන්නේ අනවශ්‍ය මහන්සියක් විතරයි. මේ ගෙවීගෙන යන්නේ ජීවිතේ අවසාන මහන්සි සහ කම්මැලි දවස් ටික විය යුතුයි කියලා මම හිතාගෙන ඉන්නවා.