බල්ලෙක් නිසා කොල්ලෙක්ට දිවි අහිමිවෙයි

0

මිතුරන් තිදෙනකු එක යතුරු පැදියකින් නැගී නිවසට එමින් සිටියදී යතුරු පැදිය පාරෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටීම එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ,අනෙක් තරුණයන් දෙදනා බරපතල ලෙස තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි .

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නාමල් වැව ,මිහින්තලේ ,ලිපිනයේ පදිංචි අසේන් ඉසුරැ (24) නමැති තරුණයෙකි.

අනතුරට ලක් වූ පැදියේ පිටු පසින් නැඟ ආ අනෙක් තරුණයන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලැබූ හෙයින් මිහින්තලේ ප්‍රාදේශීය රෝලටත් ,ඉන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත .

මෙම තරුණයන් තිදෙනා  අලුත් අවුරුද්ද උදා වූ (14) දින සවස 02.59 වන තුරුම මිහින්තලේ , මහ කනදරා වැව් පිටියේ රැඳී සිට ඇත. නව වසර උදා වීමත් සමගම මෙම තරුණයන් තිදෙනා කඩි මුඩියේ එම යතුරු පැදියට නැගී මහකන්දරාව වැව පිටියෙන් ,මිහින්තතලේ ප්‍රධාන මාවතට පිවිස පැදිකරුගේ නිවස පෙනෙන ආසන්නයේ දීම බල්ලකු පාර හරහාට පැන ඇත.

බල්ලා ගැටුණු පැදි කරු වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවත තිබූ කොහොඹ ගසක ගැටීමෙන් පැදිකරු බරපතළ ලෙස තුවාල ලබා ඇත.

පැදිකරු රෝහල්ගත කරන අවස්ථාවේ දීම මියගොස් සිටි බවත්  පැදියේ පිටුපසින් පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් කියයි.