මැඩිල්ලේ එංගලන්තයට පැනලා ?

0

මැඩිල්ලේ පඤ්ඤාලෝක නැමති චීවරධාරියා ලංකාව හැරදා එංගලන්තයට ගොස් ඇති බවට වාර්ථා වනවා. රාවණා නම් සංවිධානයක් අටවාගනිමින් ජාතිවාදය ආගම් වාදය වපුරවමින් බුදු දහමට සම්පූර්ණ පටහැනි ලෙස ක්‍රියාකාරී වූ මැඩිල්ලේ පඤ්ඤාලෝක නන්දසේන ගෝඨාබය බලයට ගෙන ඒම වෙනුවෙන් විශාල කැපකිරීමක් කලා.

ගෝඨාබය තම ධූරය හැරදා පලා යාමෙන් පසු දැඩි හිහඬ පිලිවෙතක් අනුගමනය කල මැඩිල්ලේ පඤ්ඤාලෝක නිහඬවම එංගලන්තයට පලාගොස් ඇත්තේ පසුගිය කාල සීමාව පුරාවටම දායකයින්ගෙන් එල්ල වූ දැඩි පිලිකුලත් ශ්‍රී ලාංකිකයින්ගෙන් එල්ලවූ දැඩි අප්‍රසාදයත් නිසා බව සඳහන්.

කැලේ මාරු වුවත් කොටියගේ පුල්ලි මාරු නොවන්නා සේ එංගලන්තයේ සිට මැඩිල්ලේ පඤ්ඤාලෝක එහි සිටින සිංහල දමිල පුරවැසියන් අතර ජාතිවාදය අවුලවන ආකාරය සම්බන්ධයෙන් එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ද දැඩි අප්‍රසාදය පලකරනවා.