බදු ආදායම ඉහලට

0

මේ වසරේ පළමු කාර්තුව සඳහා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්දට අදාළව දේශීය ආදායම් දෙපාර්ථමේන්තුව විසින් රුපියල් මිලියන 25,577ක  ආදායමක් උපයා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3,106ක් සහ පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 10,540ක් උපායා ඇති බවය.

එමෙන්ම මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,930ක බදු ආදායමක් උපයා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය තුළ බදු ආදායමේ ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පෙන්වා දෙයි.