අදත් පාර්ලිමේන්තුවේ බයිට් එක ආශු

0

පසුගිය දින කීහිපය පුරාවටම පාර්ලිමේන්තු වෙ ජනපති උපදේශකවරයා ගමන් කලේ අඩි කිහිපය්ක් උඩිනි. එයට හේතුව වූයේ අද දින සමගි ජනබලවේගෙන් ඒමට නියමිත යැයි දේශපාලන ලෝකයේ කතා බහට ලක්වූ රාජිත ඇතුලු මන්ත්‍රීන් හය දෙනාගේ කණ්ඩායම 16 දෙනෙක් තිස් දෙනෙක් ද එයිනුත් නොනැවතී ආසන්න දිනයක් වන විට මන්ත්‍රීවරුන් 40 දෙනෙක් පිල් මාරු කරන බවට පම්පෝරි ගසමින් තැනින් තැන සැරිසැරීමට ආශු මාරසිංහට ලැබුනු අවස්ථාවයි.

පොහොට්ටුවේ හිටපු අමාත්‍යවරුන්වද වත්මන් ජනපතිවරයාට සහය දුන් පොහොට්ටු මන්ත්‍රීන්වද අවතක්සේරු කරමින් නොසලකා හරිමින් සජබෙන් එන 40 ක පිරිස ගැනද් කටමැත දොඩවමින් සිටි ආශු මාරසිංහ සම්බන්ධව පාර්ලිමෙන්තුවේ බහුතරය දැඩි අප්‍රසාදයක් පල කරනු දක්නට ලැබුනා. කෙසේ නමුත් අද දවසේ ආශු මාරසිංහව දකින දකින අවස්ථාවල ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීන් ඇසූ එකම ප්‍රශ්ණය වූයේ කෝ 40 ආවාද යන පැනයයි.

අප අභ්‍යන්තර තොරතුරු සපයන්නන් හෙළිකල ආකාරයට අද පිල්මාරුවර සූදනමින් සිටි මන්ත්‍රීන් 6 දෙනාගේ කණ්ඩායම ඔවුන්ගේ පිල්මාරුව කල් දැමීමට පම්පෝරි ආශුගේ පිලිකුල් සහගත හැසිරීමත් හේතුවක් වී තිබුනා. ඒ අනුව දින සිදුකිරීමට යෝජිතව තිබූ කැබිනට් සංශෝධනයත් නැවතත් කල් යනු ඇති.

– පාර්ලිමේන්තු ආරංචිමාර්ග