පොහොට්ටුවෙන් ආශුට ටොක්කක්.

0

පසුගියදා කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පොහොට්ටු පක්ශයේ ජොන්ස්ටන්, නාමල්,යූ.කේ සුමිත් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් උත්සවයකට පැමිණ සිටියා.මෙහිදී ඔවුන් තේ පැන් ලබාගනිමින් සිටියදී එතැනට ආශු මාරසිංහ පැමිණියා.

එතැනදී ආශු මාරසිංහ කියා සිටියේ සජිත් නම් ඉවර කලා අපි කියාය.පොහොට්ටු මන්ත්‍රීවරු ඇසුවේ ඒ කොහොමද යන්නයි.නෑ සජබෙ 29ක් එනවා මේ පැත්තට හැබැයි ඒ අය කැමති නෑ පොහොට්ටුවේ අයට ඇමතිකම් දෙනවට ආශු ප්‍රකාශ කර තිබිණි.නාමල් රාජපක්ෂ කියා සිටියේ ආණ්ඩුව ස්ථාවර වෙනවට අපිත් කැමතියි.බොරුවට ඇමතිකම් දෙන එක පරක්කු කරන්න ඔය කතා කියන්න එපා.ඔය 29 ඉක්මනට අරගන්නකියාය.

ජොන්ස්ටන් මෙහිදී පවසා සිටියේ එහෙම 29 ක් එනවනම් ඉතින් ඒ අයට ඇමතිකම් ටික දෙන්න හැබැයි කොයි කාලෙ ඉදන්ද ඕක ඔය කියන්නෙ කියාය.අනික් මන්ත්‍රීවරුද කියා සිටියේ ඔය අදින ඇදිල්ලට නම් සජබෙ උනත් කැමති නෑ කියාය. කට උත්තර නැති උන ආශු මාරසිංහ හෙමින්ම එතැනින් නැගිට ගියේය.