නිවසේම මිය ගිහින් රෝහලට රැගෙන ආ දෙදෙනකුට කොරෝනා

0
covid 19 deaths in sri lanka - නිවසේම මියගිය දෙදෙනකුට කොරෝනා

වතුපිටිවල මූලික රෝහලට  අද (26) රැගෙන ආ පිරිමි  මළ සිරුරු දෙකක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කිරීමේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මින් එක් අයෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි හැට නව හැවිරිදි අයෙකු බවත් අනෙක් පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හැට දෙහැවිරිදි අයෙකු බවද කියති.

එම දෙදෙනාම නිවාසවල මිය යාමෙන් අනතුරුව මෘත ශරීර රෝහලට රැගෙන ආ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here