රහස් පනිවුඩ හෝ පුද්ගලික පණිවිඩ Whatsapp හරහා එපා

0

බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන්ට වට්ස්ඇප් සමාජ මාධ්‍ය සහ වෙනත් පුද්ගලික පණිවුඩ යැවීමේ යෙදුම් භාවිත කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

රාජ්‍ය කටයුතු සඳහා එම යෙදුම් භාවිත කිරීමේදී අදාළ මාර්ගෝපදේශ පිළිපදින ලෙසද ඉල්ලා ඇත.

අමාත්‍යවරුන් සහ නිලධාරීන් අදාළ යෙදුම් භාවිත කර පුද්ගලික පණිවුඩ යැවීමේ දී සැලකිලිමත් වියයුතු බවට එම මාර්ගෝපදේශ සඳහන් වෙයි.

එමෙන්ම කිසිවිටෙක “රහස්” ලෙස වර්ගීකරණය කරන ලද තොරතුරු එම යෙදවුම් හරහා යැවීම සඳහා භාවිත නොකළ යුතු බව නිකුත්කරන ලද මාර්ගෝපදේශවල දැක්වෙයි.