තැන තැන ගොඩගසන නාඳුනන මළසිරුරු

0

වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාවත ඉදිරිපිට මුහුදු තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර ඔහු වයස අවුරුදු 60ත් 70ත් පමණ වන උස, කෙට්ටු සිරුරක් හෙබි තළෙළු පුද්ගලයෙකි.

කොණ්ඩය කොටට කපා ඇති අතර හිස මුදුනේ තට්ටය ඇති බව පොලීසිය පවසයි.

උඩු රැවුල තරමක් වවා ඇති අතර මළ සිරුර නිරුවත් තිබී ඇත.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර කොච්චිකඩේ පොලිස් වසමේ කම්මල්තොට මෝයකටට නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා අත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

මරණකරු වයස අවුරුදු 60ත් 65ක් පමණ වන උස අඩි 05ක් පමණ වන පුද්ගලයෙකි.

ඔහු කොණ්ඩය කොටට කපා ඇති අතර උඩු රැවුල වවා ඇති අතර උඩුකයට නිල් හා කොළ පාට අත්කොට කමිසයක් හැඳ සිටින අතර යටි කයට ඉන පටියක් සහික කලිසමක් හැඳ සිටින බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.