පෙමට පිටුපෑ සිසුවියගේ video ලීක් කල පෙම්වතා අත්අඩංගුවට

0

සරසවි පෙම්වතිය පෙමට පිටු පෑවැයි උරණව ඇයගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් ඇගේ මවට සහෝදරියන් සහ සහෝදරයන් ගේ ජංගම දුරකථනවලට වට්ස්ඇප් මගින් යැවූ බව කියන සරසවි සිසුවෙක් පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශය පොලිස් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර සරසවි සිසුවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකු වන අතර පැමිණිලිකාර සරසවි සිසුවිය නිකවැරටිය නුදුරු ප්‍රදේශයක පදිංචි තැනැත්තියකි.

මෙම සැකකරු හා පැමිණිලිකාර තරුණිය සරසවි දෙකක ඉගෙනුම ලබන්නන් වන අතර කාලයක් තිස්සේ සිට මොවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.

සරසවි සිසු පෙම්වතා තමන්ට ගැළපෙන්නේ නැති බව කියමින් මෑතකදී ඔහුගෙන් පෙම්වතිය වෙන් වී ඇති අතර එලෙස ඉවත්ව යාම ගැන

සැකකාර සරසවි සිසුවා කැමතිවී නැත. ඔහු ප්‍රේම සම්බන්ධතාවය නතර නොකරන ලෙස සරසවි සිසුවිය ට දිගින් දිගටම ඇවිටිලි කර ඇතත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අවස්තාවේ කෝපයට පත් සිසුවා පළිගැනීමක් ලෙස ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතර වාරයේ ලබාගත් ඇයගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝවක් මවට හා සහෝදර සහෝදරියන්ගේ ජංගම දුරකථන වලට වට්ස්ඇප් මගින් යවා තිබේ.

මේ හේතුවෙන් බලවත් අපහසුතාවට පත් සිසුවිය ඒ ගැන සාක්ෂිද සමග පොලිසියට පැමිණ සිසුවාට එරෙහිව පැමිනිල්ලක් කර තිබෙන අතර සිසුවා ඇඹිපිටියේදී අත්අඩංගුවට පත් විය.