මින් පසු බාහිර පුද්ගලයින්ට පුහුණුව නැහැ. – නිහාල් වීරරත්න

0

බාහිර පුද්ගලයින්ට සිය ආයතන තුළ පුහුණුව ලබාදීමට මින් ඉදිරියට අවස්ථාව ලබානොදෙන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ එවැනි උත්සාහයක් දියත්වූ බවය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා,

“පසුගිය කාලයේ අපි දැක්කා.. විශේෂයෙන් වරාය අධිකාරියට, විදුලිබල මණ්ඩලයට මිල්ටරීකරණය හඳුන්වාදෙන්න රජය උත්සාහ ගත්තා.” 

“එහිදී අපේ ආයතනවලට පැමිණිලා අපේ වැඩකටයුතු සම්බන්ධයෙන් ඔවුන් පුහුණුවීමක් ලබන්න උත්සාහයක යෙදුණා.” 

“හැබැයි අද අපි ඒකමතිකව තීරණය කළා මින් ඉදිරියට බාහිර පුද්ගලයින්ට අපේ ආයතන තුළ කිසිසේත්ම පුහුණුවීම් කටයුතු කරන්න අපි සූදානමක් නැහැ.”