සමස්ථ ඛනිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක ?

0

එළඹෙන සිකුරාදා (24) දින සියලු ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනයක් සංවිධානය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා වාර්තා වේ.

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව හා තවත් ඉල්ලීම් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවට එහිදී වාර්තා විය.

එමෙන්ම මේ හරහා දෛනික ඉන්ධන අවශ්‍යතාවයට යම් බලපෑමක් ඇතිවේදැයි ඇතැමුන් ප්‍රශ්න කරමින් සිටී.