පුද්ගලික දේපල රාජසන්තක කරන ප‍්‍රතිපත්තිය පරණ එකක්

0
Nalinda Jayathissa - පුද්ගලික දේපල රාජසන්තක කරන ප‍්‍රතිපත්තිය පරණ එකක්

ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ දී පුද්ගලික දේපල අහෝසි කර සියලු දේපළ රාජසන්තක කරන බවට එම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් සිදු කරයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ කරුණු මතු කිරීම සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ අදාල ප‍්‍රතිපත්ති ප්‍රකාශනය 1979 වසරේදී පක්ෂ සමුළුවේදී සම්මත කරගනු ලද ලද වැඩපිළිවෙළේ එක් කොටසක් බවයි.

එය එවකට පැවති ලෝක දේශපාලන තත්ත්වයට අනුව අනුමත කරන ලද යෝජනා බව ද හෙතෙම කියා සිටී.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ ලෝකය අත්කර ගන්නා නව දැනුම අනුව ජාතික හා ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව අවශ්‍ය වෙනස්වීම් සිදු කරගැනීමට සමත් දේශපාලන ව්‍යාපාරයක් බවත් ඔහු පවසයි.

2000 මහ මැතිවරණයේදී ‘පස්අවුරුදු සැලැස්ම’, 2001 මහමැතිවරණයේදී ‘දේශය ගොඩනැගීමේ කෙටිකාලීන වැඩපිළිවෙළ’, 2015 මහමැතිවරණයේදී ‘හෘද සාක්ෂියේ සම්මුතිය’ නමින්ද ජාතික වැඩපිළිවෙළවල් ජවිපෙ විසින් කලින් කලට එළිදක්වන ලද බවත් ඔහු එමගින් පෙන්වා දෙයි.