ඡන්ද කල්දාන්න ජනාධිපතිට අයිතියක් නෑ

0
Sagara Kariyawasam - ඡන්ද කල්දාන්න ජනාධිපතිට අයිතියක් නෑ

මැතිවරණයක් ලබන වසරේ පැවැත්වෙන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ නම් ඒ පිළිබඳව කණගාටු වන බවත් මැතිවරණය පැවැත්වීමේ තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිසන් සභාව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.

ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනය වන මැතිවරණ කොමිසමේ කටයුතුවලට ජනාධිපතිවරයා හෝ වෙන කිසිඳු පුද්ගලයෙක්ට මැදිහත්විය නොහැකි බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා කීය.

රාජපක්‍ෂවරුන්ට ඡන්ද කල්දැමූයේ යැයි කිසිවිටක චෝදනාවක් නොමැති මෙන්ම රාජපක්‍ෂවරුන්ට චෝදනාවක් තිබුණා නම් තිබුණේ ඡන්දය නියමිත දිනට පෙර පැවැත්වු යැයි බවත් පළාත් පාලන මැතිවරණය නීත්‍යානුකූල නොවන ආකාරයකට කල්දැමීමට උත්සහ කළහොත් පළමුවෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළියට එන බවත් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය ජනතාවගේ අයිතියක් බවත් පළාත් සභා අහෝසිකිරීමට මූලික වී කටයුතු කළ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකලා අද පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටින බව කී කාරියවසම් මහතා සඳහන් කළේ පළාත් සභා ඡන්දය අහෝසි කරන තත්වයට පත්කිරීමට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපතිවරයා ද මූලිකව කටයුතු කළ බවත්ය.