බැංකු පොලී අනුපාත ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

0
President Ranil Wickramasinghe - බැංකු පොලී අනුපාත ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

උද්ධමනය ක්‍රමාණුකූලව අඩු වන බැවින් බැංකු පොලී අනුපාත අඩු කිරීම කෙරෙහි සලකාබලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකදී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එසේම මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලැබෙතැයි තමා බලාපොරොත්තු වන බව එහිදී ජනාධිපතිවයා පවසා තිබේ.