වහා ධුරයයෙන් ඉල්ලා අස්වන්නැයි වසන්ත මුදලිගේ ජනාධිපතිට දැනුම් දෙයි

0
Wasantha Mudalige - වහා ධුරයයෙන් ඉල්ලා අස්වන්නැයි වසන්ත මුදලිගේ ජනාධිපතිට දැනුම් දෙයි

මැතිවරණ කල් දමමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහුරමින් තවදුරටත් බලයේ රැඳී සිටින්නට උත්සාහ කරන්නේ නම් ජනතාව සමග එක්ව අඛන්ඩ අරගලයක් ආරම්භ කිරීමට සූදානම් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සඳහන් කළේය.

ඒ යටතේ ඉදිරි කාලය තුළ රට පුරා විවිධ විරෝධතා ක්‍රියාමාර්ග සැලසුම් කර ඇති බව ද දැන් ආණ්ඩුවට ඉතිරි වී ඇත්තේ වහාම ඉල්ලා අස්වීම පමණක් බවද ඔහු පැවසීය.

69 ලක්‍ෂයක ජන වරමින් පත්වූ ගෝඨාභය රාජපක්ෂ එළවා දැමූ පසු ඒ වෙනුවට ආ දොරටුපාලයා අදාලම නැති බව කියා හෙතෙම සිටියේය.

දැන් ආරම්භ වී ඇති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ බහින කාලය බවත් ඔහු සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.