ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බස්සවා ප්‍රශ්නය මහ පාරේ විසදගන්න ලෑස්තියි

0
Anura Kumara Dissanayaka - ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බස්සවා ප්‍රශ්නය මහ පාරේ විසදගන්න ලෑස්තියි

මැතිවරණය පවත්වන්නේ නැත්නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ගෙන්වා එම ප්‍රශ්නය පාරේ විසඳා ගන්න සූදානම් බව ජාතික ජනබලවේගය සඳහන් කරයි.

නමුත් එය තම බලාපොරොත්තුව නොවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මොනරාගල දී පැවති ජන හමුවක් අමතමිනි.

පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වීම දින නියමයක් නැතිව කල් යාම පිළිබඳව ඔහු එහිදී මෙසේ අදහස් පල කලේය.