මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවට එරෙහිව සියලු බලවේග එකට එක්විය යුතු බව විපක්ෂ නායක කියයි

0
Sajith Premadasa - මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවට එරෙහිව සියලු බලවේග එකට එක්විය යුතු බව විපක්ෂ නායක කියයි

මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ ක්‍රියාවට එරෙහිව සියලු බලවේග එකට එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනතා පරමාධිපත්‍යය මංකොල්ලකෑමට ආණ්ඩුව විසින් ගනු ලබන නවතම නාඩගම පැමිණ ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් වෙන් නොකිරීමට තීන්දු කිරීමෙන් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

ජනමතයක් නොමැති ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට බියවී ඇති අතර, ඒ හේතුවෙන් මැතිවරණය කල් දමා ගැනීමට සිදු කරන කුමන්ත්‍රණ තවම අවසන්ව නැති බවත් 22වන වතාවටත් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම උදෙසා තවත් බියගුළු වෑයමක් ගෙන තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.