දුම්රිය එන්ජින් රියදුරන්ගේ වැඩවර්ජනය අවසන්

0
Train Strike - දුම්රිය එන්ජින් රියදුරන්ගේ වැඩවර්ජනය අවසන්

දුම්රිය එන්ජින් රියදුරන්ගේ වෘත්තීය සමිතියක් අද (13) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය මේවන විට අවසන් කර තිබේ.

ඒ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමටගොඩ පිහිටි ජලශක්ති ධාවනාගාරයේ පරිපාලනයේ අවිධිමත් තීරණයවලට එරෙහිව දුම්රිය එන්ජින් රියදුරන්ගේ වෘත්තීය සමිතියක් අද පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

මේ හේතුවෙන් අද දින ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 5ක් ඇතුළු දුම්රිය 14ක් අවලංගු කෙරුණු බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්. ජේ. ඉඳිපොළගේ මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ගමන්වාර අවලංගු කිරීමත් සමග මගී ජනතාව දුෂ්කරතාවට පත්ව සිටි බව අප වාර්තාකරු පැවසීය.