අබලන් ඔරුවෙන් ගිය මාරාන්තික ගමන

0
The Boat Accident - අබලන් ඔරුවෙන් ගිය මාරාන්තික ගමන

මඩකලපුව කොක්කඩිචෝලේ තාන්තාමලේ ප්‍රදේශයේ වැවක ඔරුවක් පෙරළීයාමෙන් ගුරුවරයෙකුට සහ සිසුන් තිදෙනෙකුට අද (12) දිවි අහිමිවුණි.

චාරිකාවක් අතරතුර මෙලෙස දිවි අහිමිවුණේ 11 වන ශ්‍රේණියේ පාසල් සිසුන් තිදෙනෙකු සහ ගුරුවරයෙකුටය.

මඩකලපුව කොක්කඩිචෝලේ තාන්තාමලේ ප්‍රදේශයේ වැවක ගමන්ගනිමින් තිබූ ඔරුවක් අද දහවල් 1.45ට පමණ පෙරළීයාමෙන් අනතුරට ලක්වුණි.

අනතුර සිදුවන අවස්ථාවේ එහි ගමන්කරමින් සිට තිබුණේ චාරිකාවකට සම්බන්ධ වී සිටි 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි.

ඔවුන් බේරාගැනීම සඳහා වැවේ පිටත සිටි ගුරුවරයෙකුද ජලයට පැනතිබූ අතර අනතුරින් ඔවුන් සිව්දෙනාටම දිවි අහිමිවුණි.

පොලීසිය පැවසුවේ උපකාරක පන්ති ගුරුවරු තිදෙනෙක්, සිසුන් සිව්දෙනෙක් සහ සිසුවියන් හත්දෙනෙක් සමඟ එම ප්‍රදේශයට පැමිණ ඇති බවය.

ඒ අතුරින් සිසුන් තිදෙනෙකු අබලන් ඔරුවක නැගී වැවේ ඔරු පදිමින් සිටියදී එම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබුණි.

මියගිය 16 හැවිරිදි සිසුන් තිදෙනා සහ 27 හැවිරිදි ගුරුවරයා වෙල්ලාවලි, කළුදන්වේලි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

හදිසි මරණ පරීක්ෂකවරයාගේ පරීක්ෂණයෙන් පසු මෘතදේහ මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.