ජනතා අප්‍රසාදය අඩුම පක්ෂ නායකයා අනුර

0
Anura Kumara Dissanayake - ජනතා අප්‍රසාදය අඩුම පක්ෂ නායකයා අනුර

2022 වසරේ දෙසැම්බර් 29 වන විට ශ්‍රී  ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන් අතර ජනතා අප්‍රසාදය අඩුම පක්ෂ නායකයා බවට අනුර කුමාර දිසානායක මහතා පත්ව තිබේ.

ඔහුට ජනතා අප්‍රසාදය සෘණ 31ක් පවතින බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

එසේම අනුරට ඇති ජනතා අප්‍රසාදය පසුගිය සමීක්ෂණයට වඩා අඩුව තිබීම කැපී පෙනෙන සාධකයකි. ඉන් අනතුරුව ජනතා අප්‍රසාදය අඩුම පක්ෂ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබේ. ඔහුගේ අගය සෘණ 38කි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සෘණ 48ක් ලකුණු හිමිව ඇති අතර ජනතා අප්‍රසාදය වැඩිම පුද්ගලයා බවට තවමත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි. ඔහුට සෘණ 72ක ලකුණු හිමිව තිබේ.