ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද

0
Litro Gas Prices - ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද

ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද (05) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබඳ දැනුම්දීම සඳහා ලිට්රෝ සමාගම අද පෙරවරුවේ මාධ්‍ය හමුවක්ද කැඳවා ඇති අතර, මීට පෙර එම සමාගමේ ආරංචි මාර්ග පැවසුවේ ලෝක වෙළඳපොලේ මිල ඉහළ යෑම නිසා ගෑස් මිල වැඩිවීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් පමණ ඉහළ යා හැකි බව ද වාර්තා වුණා.

පසුගිය ජනවාරි 05 වනදා අවසන්වරට ගෑස් මිල සංශෝධනය කෙරුණු අතර, එහිදී 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201 කින් අඩු කිරීමට ලිට්රෝ සමාගම පියවර ගත්තා.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 4,409 කටයි. කිලෝග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක් රුපියල් 80 කින් අඩු වූ අතර, දැනට පවතින මිල රුපියල් 1,770 ක්.

ජනවාරි 05 වනදා සිදුකළ මෙම ගෑස් මිල සංශෝධනයෙන් පසු ලාෆ්ස් සමාගමද ගෘහස්ථ ගෑස් මිල අඩු කළ අතර, කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් තවමත් අලෙවි වන්නේ රුපියල් 5,080කටයි.