පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළට

0
Fuel Prices - පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළට

ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සෙසු ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බවය.

එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා තිබේ.