ධීවරයින් තිදෙනෙකු සමග ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්

0
Fisherman - ධීවරයින් තිදෙනෙකු සමග ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්

ත්‍රිකුණාමලය තිරකඩවූර් ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රාවක් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.

එම ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයන් තිදෙනෙකු ගමන් කර තිබේ.

අද (25) පෙරවරුවේ එම ධීවර යාත්‍රාව සොයා තවත් යාත්‍රා 20ක් පමණ අතුරුදන් වු ප්‍රදේශය කරා යාත්‍රා කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවට හා නාවික හමුදාවට දැනුම් දී ඇතැයි ද ධීවරයන් කියා සිටි.