මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස්ගේ ඉල්ලා අස්වීම තවම පිළිගෙන නැහැ

0
Election Commission Member - මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස්ගේ ඉල්ලා අස්වීම තවම පිළිගෙන නැහැ

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වනවා.

පසුගිය 25 වනදා ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපියක් යවමින් චාල්ස් මහත්මිය දැනුම් දී තිබුණේ මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවයි.

කෙසේ වෙතත් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? යන කාරණය ජනාධිපතිවරයා ඉදිරි දිනකදී තීරණය කරනු ඇති බවයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.