උසස් පෙළ විභාග සමයේ අනවසර විදුලි කප්පාදු ගැන තොරතුරු ඉල්ලයි

0
Power Cut - උසස් පෙළ විභාග සමයේ අනවසර විදුලි කප්පාදු ගැන තොරතුරු ඉල්ලයි

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන 2023 ජනවාරි 26 සිට 2023 පෙබරවාරි 17 දක්වා කාලය තුළදී විදුලි කප්පාදු සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දී නොමැති බව එහි සභාපති ජනක රත්නායක මහතා දැනුම්දෙයි.

ඒ හේතුවෙන් අනවසර විදුලි කප්පාදුවලට මුහුණ පෑමට සිදු වුවහොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස එම කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා ඇත.

අදාළ පැමිණිලි පහත පරිදි යොමු කළ හැකිය.

වට්ස්ඇප් – 0775 687 387
ඊමේල් – consumers@pucsl.gov.lk
ෆැක්ස් – 0112392641