පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරේ

1
Parliament term - පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරේ

නවවෙනි පාලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට හෙවත් වාර අවසාන කිරීමට රජය තීරණය කර ඇත.

ඊට අදාළ අදාළ ගැසට් නිවේදනය අද (27) රාත්‍රියේ නිකුත් කෙරෙන බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රයේ මුද්‍රණාලයට දැනටමත් යොමු කරනු ලැබ ඇත.

සභාවාරයේ කටයුතු අවසන් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් පෙබරවාරි මස 8 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.