කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් තිබෙන Xpress Pearl නෞකාවේ පිපිරීමක් – දෙදෙනෙක් ජාතික රෝහලට

0
Xpress Pearl -ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල්

‘Xpress Pearl’ නෞකාවේ ගින්නෙන් ඇතිවූ පිපිරීමක් ඇතිව තිබෙනවා.

ඒ හේතුවෙන් තුවාල ලැබූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එම පිපිරීමෙන් බහාලුම් 08ක් මුහුදට ඇද වැටී ඇති  අතර  තවමත් නෞකාවේ ගින්න පවතින බවයි වාර්තා වන්නේ.

තවද එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගත් බව නාවික හමුදාව පවසනවා.