ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට සජිත් සහ අනුර නොයති

0
Sajith and Anura - ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට සජිත් සහ අනුර නොයති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ජනාධිපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වුණි.

එහිදී අවධානය යොමුකර ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවය.

ඊට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ට ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණි.

කෙසේ වෙතත් අද පැවති සමුළුවට සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය සහභාගි නොවීම විශේෂත්වයකි.