මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ප්‍රකාශයක්

0
Election Commission - මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ප්‍රකාශයක්

තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා අවධාරණය කර තිබේ.

පළවන මේ අසත්‍ය තොරතුරුවලට පිළිතුරුදීමට කාලය වැය කිරීම පවා අර්ථයක් නොමැති දෙයක් බව ඔහු කියා සිටියේය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ජාතික මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් නොවන බව ද ඔහු පැවසුවේ ය.

පී.එස්.එම්. චාල්ස් මහත්මිය කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිල දැනුම්දීමක් කර නොමැති බවයි.