අදත් තද වැසි

1
Rain - අදත් වැසි සහ අකුණු

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් තද වැසි ඇතිවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ

එමෙන්ම බස්නාහිර ,වයඹ ,සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි

දිවයින හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 50ත් 60ත් දක්වා වැඩිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වනවා