ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැක්කේ රුපියල් 15යි

0
Election Commission - ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැක්කේ රුපියල් 15යි

මැතිවරණවලදී එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැක්කේ රුපියල් 15ක මුදලක් බවත් එම මුදලිනුත් පක්ෂයකට වියදම් කළ හැක්කේ සියයට 60ක මුදලක් බවටත් අද මැතිවරණ කොමිෂමේ පැවැති සාකච්ඡාවකදී දේශපාලන පක්ෂ නයෝජිතයන අතර පැවැති සාකචඡාවකදී එකඟ වී තිබේ.

මැතිවරණය වියදම් සීමා කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේනතු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන්  ඇතුළු සියලු දෙනාම එකඟ වුණා එක ඡන්ද දායකයෙකුට රු. 15ක් වියදම් කරන්න පුළුවන් කියලා. ඒ අනුව එය ජනතාවගෙන් වැඩිකර ඒ ප්‍රමාණය තමයි අපේක්ෂකයෙකුට වියදම් කරන්න පුළුවන්. එයින් සියයට 60ක් පක්ෂයට වියදම් කරන්න පුළුවන්.

ඒ අනුව පක්ෂයකට එක් පුද්ගලයෙක් වෙනුවෙන් රු. 9ක් පමණ වියදම් කරන්න පුළුවන්. ඒ අනුව එය ඉදිරියට කරන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරයි.”