පලාත් පාලන ඡන්දය මේ මොහොතේ රටට අනවශ්‍ය බව ඕමල්පේ සෝභිත හිමි කියයි

0
Omalpe Sobhitha Thero - පලාත් පාලන ඡන්දය මේ මොහොතේ රටට අනවශ්‍ය බව ඕමල්පේ සෝභිත හිමි කියයි

ඕමල්පේ සෝභිත හිමියන් සහ ‍බ්‍ුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා සහභාගීවූ කොළොන්න කැම්පනේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත පැලදවීම සහ නිදන්වස්තු තැන්පත් කිරීම විවෘත කිරීම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා දක්ෂිණ ලංකාවේ දක්ෂීණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය සෝභිත හිමියන්, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විධාන පතිරණ මහතා, සබරගමුව පලාතේ ප්‍රධාන අධිකරණ සංඝණායක කෝප්පකන්දේ සිරි සුමනතිස්ස හිමියන් සහභාගී විය.

මෙහිදී ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ ලෙඩ වීමටද අවස්ථා‍වක් මේ මොහොතේ නොමැති බවත් ඉතාමත් ඉවසිලිමත්ව ජීවත් විය යුතු බවද පලාත් පාලන ඡන්දයක් මේ මොහොතේ රටට අවශ්‍ය නැති බවත් තවත් 8000ක් නඩත්තු නොකල යුතු බවත් කීය.

ලේකම් වරයා කියා සිටියේ දහම් පාසල් අධ්‍යාපනය සාදාන්‍ය පෙළ විභාගය හා එක් කිරීමට කටයුතු කිරීමට මේ වන විට කටයුතු කරගෙන යන බවයි.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)