මෛත්‍රී වන්දි ගෙවීමට අරමුදලක් පිහිටුවයි

0
Mathripala Sirisena - මෛත්‍රී වන්දි ගෙවීමට අරමුදලක් පිහිටුවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට ගෙවීමට නියම කළ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම සඳහා ජනතාවගෙන් මුදල් රැස්කිරීමේ අරමුදලක් පිහිටුවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එම වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිඳු හැකියාවක් නොමැති බැවින් මෙලෙස ජනතාවගෙන් මුදල් එකතු කිරීමට තීරණය කළ බවය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා. කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් නැහැ මට. ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕනේ. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා.”

“සහෝදරයෝ වුනාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර 05 නංගිලා බෙදාගෙන කරනවා. ගොඩ අක්කර තුනේ මම අඹ දැම්මා. වෙන ආදායම් මාර්ගයක් නැහැ.”