සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,000 ඉක්මවයි

0
Dengue Patients - සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,000 ඉක්මවයි

මෙම මස දෙවන සතිය තුළ ඩෙංගු රෝගීන් 2,030 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය 09 සිට 15 වනදා දක්වා කාලය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය.

අදාළ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 452ක් වේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 417ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 257ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 123ක්, කල්මුනේ දිස්ත්‍රික්කයෙන් 107ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රොගීන් 103ක් වාර්තා වී ඇති බව සඳහන්ය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළැදුණු රෝගීන් 4,172දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සඳහන් කළේය.