පසුගිය මස රජයේ සේවක වැටුප් දුන්නේ යුරියා පොහොර විකුණලා

0
Government Salary - පසුගිය මස රජයේ සේවක වැටුප් දුන්නේ යුරියා පොහොර විකුණලා

දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා තිබෙන බව අමාත්‍යවරයා කීය.

එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිතා කිරීමට රජයට සිදු වූ බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දීය. 2023 වසර සදහා අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කරන කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මෙි බව කීය.