කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වෙයි

0
covid deaths in sri lanka - කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබෙනවා

ඉන් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදීමය.

බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් 11 දෙනෙකු එලෙස මියගොස් තිබේ

මේ අතර, මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1243 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (24) මෙරටින් මෙතෙක් වාර්තා වූ වයස්ගතම කොවිඩ් මරණය තහවුරු විය.

එසේ මියගොස් තිබුණේ ගාල්ල ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිව සිටි 104 හැවිරිදි කාන්තාවකි.

කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ඇය නිවසේදී මියගොස් තිබුණි.