බිත්තරයක තොග මිල රුපියල් 5කින් පහළට

0
Egg Prices - බිත්තරයක තොග මිල රුපියල් 5කින් පහළට

ලබන සෙනසුරාදා (14) සිට බිත්තරයක තොග මිල රුපියල් 5කින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර බිත්තර ආනයන ටෙන්ඩරයට පුද්ගලයින් 20දෙනෙකු මේ වන විට මිල ගණන් ඉදිරිපත් කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කළා.

කෙසේ වෙතත් දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක තොග මිල රුපියල් 5ක් අඩු කර ලබන සෙනසුරාදා (14) සිට රුපියල් 50කට පමණ අලෙවි කිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

බිත්තර නිෂ්පාදකයින් ලොරි රථ මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් බිත්තර අලෙවිකරන පසුබිමකයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.