බිත්තර ආනයනයට ටෙන්ඩර් 20ක්

0
Egg Tender - බිත්තර ආනයනයට ටෙන්ඩර් 20ක්

බිත්තර ආනයනය කිරීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර්කරුවන් 20 දෙනෙකු ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළේ ඒ අතරින් 90% ක්ම ඉන්දීය ජාතිකයින් බවය.

ඒ අනුව, ඔවුන් ඉදිරිපත් කළ ටෙන්ඩර් පත්‍රිකා විශ්ලේෂණය කිරීම වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව මගින් සිදුකෙරෙනු ඇති.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළේ මෙරට බිත්තර අවශ්‍යයතාවට අනුව ආනයනය කළ යුතු බිත්තර ප්‍රමාණය මෙන්ම ආනයනය කළ යුතු මිල ගණන් සහ අදාළ දින වකවානු මෙන්ම, අමෙරිකානු ඩොලරය හෝ ඉන්දීය රුපියල පදනම් කරගනිමින් බිත්තර ආනයනය කිරීම සිදුකරන්නේ ද යන්න පිළිබඳව ද වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව ඉදිරියේදී තීරණය කරනු ඇති බවය.

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීමට පසුගියදා වෙළෙඳ අමාත්‍යංශය තිරණය කළ අතර ඊට අදාළ ආනයනික ක්‍රියාවලිය සිදුකිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබාදී තිබුණි.

මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (09) මහනුවර ප්‍රදේශයට ලොරි රථ මගින් බිත්තර රැගෙනවිත් බිත්තරයක් රුපියල් 53ක මුදලකට අලෙවි කරන ආකාරය දක්නට ලැබුණි.

එමෙන්ම සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ඊයේ ප්‍රකාශ කළේ ලබන සෙනසුරාදා සිට බිත්තරයක් රුපියල් 50 ක තොග මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවය.

ඊයේ (08) සුදු බිත්තරයක් රුපියල් 55 කට සහ රතු බිත්තරයක් රුපියල් 60 කට අලෙවි වූ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්තානයේ බිත්තර මිල ඊයේ රුපියල් 4 කින් සහ රුපියලකින් පහළ ගොස් තිබුණා.

එසේ වුවද, කොළඹ ස්ථාන රැසක වෙළෙඳසැල්වල ඊයේත් බිත්තර අලෙවි කෙරුණේ රුපියල් 60 ත් 70 ත් අතර මිලකටය.