සේපාල් අමරසිංහ තම පක්ෂයට සම්බන්ධ පුද්ගලයෙක් නොවන බව අනුර කියයි

0
Janatha Wimukthi Peramuna - සේපාල් අමරසිංහ තම පක්ෂයට සම්බන්ධ පුද්ගලයෙක් නොවන බව අනුර කියයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ යනු තම පක්ෂයේ සම්බන්ධ පුද්ගලයෙක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මිස තම පක්ෂයට සම්බන්ධ නොවන බවත් ආණ්ඩුව සහ විපක්ෂය කලබල වී ජනතා විමුක්ති පෙරමුණට මඩ ගසමින් සිටින බවත් හෙතෙම පැවසීය.

සේපාල් අමරසිංහ යන පුද්ගලයා ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ හෝ ක්‍රියාකාරිකයෙකු හෝ සංවිධානය යාන්ත‍්‍රණයක සිටිනා පුද්ගලයෙකු නොවන බවද හෙතෙම කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔවුන් නියෝජනය කළේ ගෝඨාභය රාජපක්ෂ කදවුර බවද ජවිපෙ නායකයා තවදුරටත් සඳහන් කළේ ය.

යූටියුබ් ක්‍රියාකාරකයෙකු වන ඔහු සම්මුඛ සාකච්ඡා වලට ආරාධනා කළ විට ඊට සහභාගි වී ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජවිපෙ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.