පළාත් පාලන මැතිවරණය කල් දමා ජනාධිපතිවරණයක්

0
Presidential Election - පළාත් පාලන මැතිවරණය කල් දමා ජනාධිපතිවරණයක්

පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන්ම කල් දමන බව සමගින් ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

එම ඡන්දය නොපවත්වා ඒ වෙනුවට මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද හෙතෙම පැවසීය.

දැනට සිදු කරමින් යන නාමයෝජනා කටයුතු ජනතාව රැවටීම සදහා සිදු කරන දේවල් බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ගාලු මුවදොර දී පැවැති බණ්ඩාරනායක සමරු අවස්තාවෙන් පසුව මාධ්‍ය අමතමිනි.