මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවශ්‍ය නොවන බව ඕමල්පේ සෝභිත හිමි කියයි

0
Omalpe Sobitha Thero - මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවශ්‍ය නොවන බව ඕමල්පේ සෝභිත හිමි කියයි

පළාත් පාලන මැතිවරණයකින් රටට කිසිඳු සේවයක් නොමැති බැවින් එම මැතිවරණය මේ අවස්ථාවේ පැවැත්වීම අවශ්‍ය නොවන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

කෑගල්ලේදී අද (08) මාධ්‍යයට අදහස් පළකරමින් උන්වහන්සේ මේ බව පැවසීය.

“ඉලෙක්ෂන් එක නෙමෙයි මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ. මිනිස්සුන්ට කෑම බීම සහ ජීවිතය ගැට ගසා ගැනීමට අදාළ පහසුකම්. IMF ඇතුළු ලෝක සංවිධාන අපේ රටට උදව් නොකරන්නේ ඇයි ?. ශ්‍රී ලංකාවේ නිත්‍යානූකූල ජනමතයක් සහිත රජයක් නැතිකමේ ප්‍රශ්නය. ඒ නිසා දැන් අවශ්‍ය කරන ඉලෙක්ෂන් එක තමයි රජයක් පිහිටුවාගැනීම සඳහා වූ ඉලෙක්ෂන් එක.”

“පළාත් සභා නැහැ කියලා රටට ප්‍රශ්නයක් තියෙනවාද ? නෑ.. ඔය අගේට යන්නේ වැඩපිළිවෙල. අඩුම ගානේ කෝටි 3,000කට වඩා ලබායි පළාත් සභා නැති නිසා. ඔය නගර සභා ප්‍රාදේශීය සභාවලට තව කීදාහක් ඉන්නවාද දැන් අපේක්ෂකයෝ. ඒ අයට පඩිත් දෙනේන එපැයෑ පත්කරලා.”

“දැන් සල්ලි නැහැ කියලා මැතිවරණයක් කරලා අන්තිමේට මේ අය පත්කරනවා 8,000ක්. මේ 8,000ම නොමිලේද සේවය කරන්නේ. නැහැනේ.”

“මේ වගේ මෝඩ ප්‍රතිපත්තිවලින් රටක් ගොඩනගන්න බැහැ. අපිට අවශ්‍ය නැහැ මේ පළාත් පාලන ඉලෙක්ෂන්. අපිට අවශ්‍ය මහ මැතිවරණයක්…. අපිට අවශ්‍ය ජනාධිපතිවරණයක්.. එහෙම කරලා ලෝකයට පේන විදිහේ ජනමතයක් සහිත රජයක් පිහිටුවා ගැනීමයි අපට අවශ්‍ය.”