ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කෙරේ

0
Fake Dalada Maligawa - ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කෙරේ

කුරුණෑගල පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පුව ලෙස හැදින්වු කොටස මේ වන විට කඩා ඉවත් කරමින් පවතින බව වාර්තා වනවා.

මේ අනුව අද (08) පෙරවරුවේ සිට එම ගොඩනැගිල්ලේ වහලය සහිත කොටස ඉවත් කිරීම් කටයුතු සිදු කරමින් පවතින බව සඳහන්.

ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වී ඇති මෙම ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහනායක හිමිවරුන් ද රජයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව ඊයේ (07) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.