සාමාන්‍ය පෙළ විභාගය මැයි පැවැත්වෙන ලකුණු

0
O/L Exam - සාමාන්‍ය පෙළ විභාගය මැයි පැවැත්වෙන ලකුණු

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ විභාගය ආරම්භ වන දිනය පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවය.

විෂය ආවරණ කටයුතු හා ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය මත විභාගය පැවැත්වෙන දින නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් විභාග කටයුතුවලට බාධා පැමිණීම හේතුවෙන් විභාග කාලසටහන්වල වෙනසක් සිදුවූ අතර 2021 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සිදු වූයේ පසුගිය වසරේ මැයි මාසයේදී ය.

එම විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේදී නිකුත් කෙරුණි.